දේශීය

සමුද්‍රීය හානිය පිළිබඳ වාර්තාව නීතිපතිට

ගිනිගත් “MT NEW DIAMOND” නෞකාව හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදු වී ඇති හානිය පිළිබඳ විශේෂඥ වාර්තාව නීතිපතිවරයාට භාර දී ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් සහ විශේෂඥ කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කර ඇති අතර නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශයන් එහි ඇතුළත් වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

මෙම නෞකාව ‌හේතුවෙන් සිදුව ඇති සමුද්‍රීය දූෂණය සම්බන්ධයෙන් වන අලාභය ගණනය කිරිම කඩිනමින් සිදු කිරීමට නියමිතව ඇති අතර නීතිපතිවරයාට භාර දී ඇති වාර්තාවට අනුව නෞකාව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *