උතුරු කොරියාවට චෝදනාවක්
ධීවර යාත්‍රාවකින් මුහුදේ යාත්‍රා කරමින් සිටි දකුණු කොරියාවේ ධීවර නිළධාරියෙකුව වෙඩි තබා ඝාතනය කර ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවට දකුණු කොරියාව විසින් උතුරු කොරියාවට චෝදනා කරයි.
මෙම දකුණු කොරියානු ධීවර නිළධාරියා පසුගිය සතියේ දකුණු කොරියාව සහ උතුරු කොරියාව වෙන් කෙරෙන මුහුදු සීමාවේදී අතුරුදන්ව ඇති අතර ඔහු ගමන් ගත් යාත‍්‍රාව පසුගිය සඳුදා දිනයේදී මුහුදේ තිබී සොයාගෙන ඇත.
නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ මුහුදු සීමා උල්ලංඝණය කිරීමේ වරදට උතුරු කොරියාව විසින් මෙම ධීවර නිළධාරියාට වෙඩි තබා ඝාතනය කර ඇතැයි දකුණු කොරියානු හමුදාව පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
