දේශීය

කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගනී

මෙරටින් තවත් Covid 19 වෛරස ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයින් තිදෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන්ගෙන් දෙදෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙකා කටාර් සිට පැමිණි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට දී Covid 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3327ක් වන අතර ඉන් ආසාදිතයින් 3142 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

තවත් Covid 19 ආසාදිතයින් 172දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *