මිචෙල් මාෂ් IPL තරගාවලියෙන් ඉවතට
සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී ඇති බව වාර්තා වෙයි.
එම තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි පැවැති තරගයක දී මිචෙල් මාෂ් මෙසේ ආබාධයට ලක්ව ඇති අතර ඔහු හට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් ඇති බව තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවක දී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් සඳහන් කළේය.
මිචෙල් මාෂ් වෙනුවට බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් කැඳවීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
