දේශීය

පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරේ

විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන

අගවිනිසුරු ජයන්ත ජයසූරිය 
බුවනෙක අලුවිහාරේ
ප්‍රියන්ත ජයවර්ධන
විජිත් මළල්ගොඩ
සිසිර ද ආබෲ මහතා පත්කර ඇත. 

ඒ අනුව විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් මෙම මස 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවේ දී සලකා බැලීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *