දේශීය

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන නැගෙනහිර මුහුදු ජලයත් සමඟ මිශ්‍ර වේ.

ගිනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන නැගෙනහිර මුහුදු ජලයත් සමඟ මිශ්‍රවී ඇත්දැයි පරීක්ෂා කිරීමට පත් කළ විශේෂ  කණ්ඩායමක් විසින් පරීක්ෂණයට අදාළ වාර්තාව ඊයේ (24) දින නීතිපතිවරයාට භාර දී ති‌‌බේ.

එහිදී සඳහන්ව ඇත්‌තේ එම නෞකාවේ තිබූ ඉන්ධන ශ‍්‍රී ලංකා නැගෙනහිර මුහුදු ජලයත් සමඟ මිශ්‍ර වී ඇති බවයි. මෙමඟින් සමුද්‍ර දූෂණයක් සිදුවී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් තහවුරු කර ඇත.

මෙම වාර්තාව නෞකාව අයත් සමාගමට ඉදිරියේදී ලබා දෙන බවත් අවශ්‍ය පියවර ඉන්පසු ගන්නා බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ප්‍රකාශ කරයි.

ගින්න නිවීමට මැදිහත් වූ ආයතන සඳහා රුපියල් මිලියන 340ක වන්දි මුදලක් ගෙවීමට නෞකාව අයත් සමාගම එකඟ වී ඇතිි අතර මෙරට නීතිපතිවරයා එම සමාගම දැනුවත් කර ඇත්තේ එම රුපියල් මිලියන 340ට අමතරව තවත් රුපියල් මිලියන 100ක් අවශ්‍ය බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *