දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයින් 3333 දක්වා ඉහළට

ඊයේ (24) දිනය තුළ දී නව Covid 19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3333 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් 09 දෙනා ඉරානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින හා කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බව වාර්තා වේ.

මෙරට සමස්ථ ආසාදිතයින් 3333 දෙනා අතරින් 3142 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 178 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *