වටප්රමාණය අනුව පොල් සඳහා උපරිම මිලක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටප්‍රමාණය අනුව පොල් සඳහා උපරිම මිලක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව වටප්‍රමාණය අඟල් 12කට අඩු පොල් ගෙඩියක් සඳහා රුපියල් 60කුත්, වටප‍්‍රමාණය අඟල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක් සඳහා රුපියල් 65කුත් සහ අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් සඳහා රුපියල් 70ක් ලෙස උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම පොල් මිල පාලනයට අදාළ ගැසට් නිවේදනය ඊයේ (25) දින රාත්‍රියේ ප්‍රකාශයට පත්කර ඇති අතර එම ගැසට් නිවේදනයට අදාළ නියමයන් අද (26) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
