දේශීය

වන්දි මුදල ලබා දීමට නැව් සමාගම එකඟ වෙයි

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් “MT NEW DIAMOD” නෞකාව අයත් සමාගමෙන් ඉල්ලූ රුපියල් මිලියන 442ක සම්පූර්ණ වන්දි මුදල ලබා දීමට එම සමාගම එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.

මූලික වන්දි මුදලක් ලෙස මීට පෙර රුපියල් මිලියන 340ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ ද පසුව අවසන් ඇස්තමේන්තුව ලෙස තවත් මිලියන 100ක් ඇතුළත්ව රුපියල් මිලියන 442ක වන්දි මුදලක් ප්‍රකාශ කළ අතර එම වන්දි මුදල ගෙවීමට නැව් සමාගම තීරණය කර ඇතැයි එම සමාගමේ නීතිඥවරුන් දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *