මන්නාරමෙන් තවත් කහ තොගයක් අත්අඩංගුවට
මන්නාරම පාලම අසල මාර්ග බාධකයේ දී සිදුකළ සෝදිසි මෙහෙයුමක දී කහ තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේ දී සොයාගත් නීත්‍යානුකූල නොවන කහ තොගයේ වටිනාකම රුපියල් 360,000ක් වන බව වාර්තා වේ.
මෙම මෙහෙයුම සඳහා 54වන සේනාංකය යටතේ ස්ථාපිත 7වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස සම්බන්ධ වී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයන් සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
