දේශීය

රොහාගේ මරණය සැමරූ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 23 වනදා පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් රොහාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් උත්සව පැවැත් වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (25) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර “කුඩු අංජුගේ” සහෝදරිය ද සිටින බව වාර්තා වේ.

කුඩු අංජුගේ සහෝදරයා වන “ලංසියාගේ” මෘතදේහය වලදමා ඇති දෙහිවල ගල්කිස්ස නගරසභා පොදු සුසාන භූමියේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *