ක්‍රීඩා

ICC මූලස්ථානය වසා දමයි

ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මුලස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම මූලස්ථානයේ නිළධාරීන් කිහිපදෙනෙකුට Covid 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ සෞඛ්‍ය හේතුන් මත මෙසේ මූලස්ථානය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම Covid 19 වෛරසය ආසාදනය වී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විටත් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර අනෙක් නිළධාරීන්ට සිය නිවෙස්වල සිට වැඩ කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *