Uncategorized

ශාවස්තිපුර රිය අනතුරින් දෙදෙනෙක් ජීවිත්කෂයට

අද ( 27 ) දින අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශාවස්තිපුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ වෛද්‍යවරයෙකු ධාවනය කළ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මිය ගොස් ඇත.

ත්‍රීරෝද රථය පැදවූ 28 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර එහි පිටුපස අසුනේ ගමන් කළ 60 හැවිරිදි ඇගේ පියා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය ගොස් තිබේ.

මොටර් රථයේ සිටි වෛද්‍යවරයා සහ ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *