ගිනිගත් නැවේ කපිතාන් අද අධිකරණය හමුවට
ගිනි ගැනීමට ලක් වූ “MT NEW DIAMOND” නෞකාවේ කපිතාන් වන ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් මහතා අද (28) දින පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැප්තැම්බර් මස 17 වන දින නිකුත් කළ නොතීසියකට අනුවයි.
නෞකාව සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
