දේශීය

චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරට අදාලව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේ නම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු වන අතර විදේශ ගමන් බලපත්‍ර නොමැති නම් ඒ බව තහවුරු කිරීමට දිවුරුම් පෙත්සමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

එසේම එම විත්තිකරුවන් සඳහා නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමෙන් වළකින ලෙස ආගමන හා විගමන පාලකවරයාට මහාධිකරණයෙන් නියෝග කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *