අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේගේ අවසන් කටයුතු අනිද්දා
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද (29) දින මොරටුව පිහිටි එම මහතාගේ නිවස වෙත ගෙනැවිත් තිබේ.
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටී.
කලක් රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ටෙනිසන් කුරේ මහතා මිය ගොස් ඇති අතර ඔහු මියයන විට 68වන වියේ පසු විය.
ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
