ගව ඝාතනය නතර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙරට ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය වන ගවයන් ප්‍රමාණවත් නොවන නිසාවෙනුත් ආනයනික කිරිපිටි සඳහා වැය වන අති විශාල විදේශ විනිමය හේතුවෙනුත් දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහාත් යන කරුණු සැලකිල්ලට ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.


කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන අතර ඒ සඳහා සමකැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් එක්ව සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
