දේශීය

20ට එරෙහි පෙත්සම් විභාග කිරීම අදින් ඇරඹේ

විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීම අද (29) සිට ආරම්භ වේ.

එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා විවිධ පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39ක් ගොණුකර ඇත.

ඒ අනුව එම පෙත්සම් විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකෙරෙණ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලට බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් අයත් ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *