දේශීය

මන්නාරමෙන් තවත් කහ තොගයක්

සැක කටයුතු පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමක දී රුපියල් මිලියන 3කට අධික වටිනාකමකින් යුත් කහ තොගයක් මන්නාරම ප්‍රදේශයේ දී හමුදාව විසින් සොයා ගෙන තිබේ.

එහි දී කහ කිලෝ ග්‍රෑම් 946ක් සොයා ගෙන ඇති අතර සැකකාර එක් පුද්ගලයෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

යුධ හමුදාවේ 54වන සේනාංකයේ සහ කමාන්ඩෝ භට පිරිස් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදුන් බව යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *