ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයින් යළි දිවයිනට
පසුගිය අගෝස්තු මස මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකීක ධීවරයින් 18 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මෙම ධීවරයින් 18 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් ඔවුන් නිදහස් කර ඇත.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටිය දී මෙලෙස ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තමන් අත්අඩංගුවට ගත් බවයි.
නාවික හමුදා අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය ධීවර වරායට මෙම ධීවරයින් රැගෙන ආ අතර වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තංගවේලු නිලෝජන් මහතා PCR පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඔවුන්ව යොමුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
