විශ්වවිද්‍යාලවල කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දෙසතිය තුළ
මෙවර විශ්වවිද්‍යාල සඳහා තෝරා ගන්නා සිසුන්ගේ කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සති දෙක තුළ සිදුකරන බවත් ඊට ප්‍රථම මෙරට සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන සතියේ දී සාකච්ඡාවක් පවත්වන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පවසයි.
විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අදාළව ප්‍රවීණතා විභාග 36 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත්කර ඇති අතර 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 4000ක් පමණ බඳවා ගැනීමට අපේක්ෂිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
