සංචාරක හෝටල්වලට සහනයක්
Covid 19 වෛරස ව්‍යාප්තියත් සමඟ පීඩාවට පත් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට විදුලිබිල ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වන දින සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සලසාදෙනු ලබයි.
එම කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන අතර ඒ සම්බන්ධව උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියලු ම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
