එංගලන්තයේ වෛද්‍යවරුන්ට ජෙට් ඇඳුමක්
රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා එංගලන්තයේ ග්‍රේට් නෝර්ත් ගිලන් රථ සේවය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
එම ආයතනය විසින් රෝගී වූ පුද්ගලයා වෙත වෛද්‍යවරයාට ඉක්මණින් ගුවනින් යා හැකි ජෙට් ඇඳුමක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
මෙම නව ක්‍රමවේදය මඟින් තත්පර 90ක් පමණ සුළු කාලයකින් රෝගියා වෙත යෑමට වෛද්‍යවරයාට හැකිවන බව ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ, ඇන්ඩි මව්සන් මහතා පවසයි.
එසේම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ද මෙම ක්‍රමවේදය වැදගත්වන බව එම අත්හදාබැලීම් කළ ආයතනය සඳහන් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
