ප්රහසන රංගන ශිල්පී ටෙනීගේ අවසන් කටයුතු අද
ශ්‍රී ලාංකීය ප්‍රහසන කලාවේ නොමැකෙන සලකුණක් තැබූ අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අද (01) දින පස්වරුවේ මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදී සිදු කෙරේ.
අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් සඳුදා (28) දිනයේ ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වූ අතර මහජන ගෞරවය සඳහා මේ වනවිට දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත.
නළුවෙකු මෙන්ම සිනමා රචකයෙකු වූ අසහාය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා පෙරළිකාරයෝ සිනමා චිත්‍රපටයෙන් ලාංකීය සිනමා ක්ෂේත්‍රයට මුල් පියවර තබා අසීරු කාර්යයක් ලෙස සැලකෙන රංගනයෙන් තවත් අයෙකු සිනහ ගැන්වීම ඉතා පහසුවෙන්ම සිදුකරමින් පුරා දශක 4කට ආසන්න කාලයක් තිස්සේ මෙරට කලා ක්ෂේත්‍රයට අමරණීය සේවයක් සිදු කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
