ක්‍රීඩා

CSK සහ SRH අතර තරගය අද – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (02) තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත් වේ.

එම තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

එම තරගය ලකුණු 48කින් ජයගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 191ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ඔවුන්ගේ පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 8ක් දැවී ලබාගෙන සිටියේ ලකුණු 143ක් පමණි.

තරගය ජයගත් මුම්බායි ඉන්ඩියන්ස් පිල මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙන් සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *