දේශීය

මෙරට මුහුදු කලාපයෙන් ඉවත්ව යෑමට ගිනිගත් නැවට අවසර

ශ්‍රී ලංකාව ආසන්නයේ දී ගිනි ගැනීමට ලක් වූ “MT NEW DIAMOND” නෞකාවට මෙරට මුහුදු කලාපයෙන් ඉවත්ව යෑමට අවසර ලබා දී තිබේ.

මුදල් සහ අදාළ වන්දි ලබා දීමේ පදනම මත සහ නෞකාවෙන් සාගර කලාපයට යලිත් ගැටළුවක් පැන නොනගින බවට ලබා දුන් සහතිකය මත පදනම් කරගෙන මෙලෙස නෞකාවට මුහුදු කලාපයෙන් ඉවත්ව යෑමට අවසර දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව එම නෞකාවේ හිමිකාරිත්වය දරණ සමාගම NEW DIAMOND නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම නාවික හමුදාව වෙත දැනුම් දී ඇති අතර ඒ සඳහා නාවික හමුදාව අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *