දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

ගිනි ගැනීමට ලක් වූ “MT NEW DIAMOND” නෞකාව සම්බන්ධයෙන් අදාළ වන්දි මුදල් ලබාදීමේ පදනම මත නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමට ඊයේ (02) දින අවසර ලබාදුනි.

ඒ අනුව නෞකාව ඉන්දියාව දෙසට රැගෙන යමින් පවතින බවට ප්‍රකාශ කළ ඇති නමුත් මේ වන විට NEW DIAMOND නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කෙසේ වෙතත් තව දින 3ක පමණ කාලයක් නෞකාවට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යෑමට තිබෙන අතර මැද පෙරදිග කලාපයේ නැංගුරම් දැමීමෙන් පසු එහි ඇති ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමට නියමිත බව වාර්තා වේ.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *