ක්‍රීඩා

ARMY COMMANDER’S LEAGUE සඳහා දින නියම වෙයි

ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලියක් පළමුවරට මෙරට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (03) දින කොළඹ දී පැවැත්විණි.

එම තරගාවලිය ඔක්තොම්බර් 05 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා නොදන් වොරියස්, ඊස්ටන් වොරියස්, සදන් වොරියස් සහ වෙස්ටන් වොරියස් ලෙස කණ්ඩායම් 4ක් නම් කර තිබේ.

එම කණ්ඩායම් 4 නායකත්වයන් පහතින් දැක්වේ.

නොදන් වොරියස්             –           සීක්කුගේ ප්‍රසන්න

ඊස්ටන් වොරියස්              –           අසේල ගුණරත්න

සදන් වොරියස්                 –           දිනේෂ් චන්දිමාල්

වෙස්ටන් වොරියස්            –           තිසර පෙරේරා

මෙම තරගාවලියේ සියලු තරග හොරණ දොඹගොඩ යුධ හමුදා ක්‍රීඩාංගනයේ දි හා සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *