ක්‍රීඩා

DC ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (03) පැවැති තරගය කොල්කටා නයිට් රයිඩර්ස් හමුවේ ලකුණු 18කින් ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් පිල පන්දු වාර 20 අවසානයේ 228ක් ලබා ගත් අතර කොල්කටා නයිට් රයිඩර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වූයේ ලකුණු 210ක් පමණි. තරගය ජයග්‍රහණය කළ දිල්ලි කැපිටල්ස් පිල මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙන් සිටී.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතර තවත් තරගයක් ඊයේ දිනයේ දී පැවැත්විණ.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස්කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 158ක් ලබා ගනිමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවන වරටත් ජයග්‍රාහණයක් හිමිකර ගැනීමට සමත් විය. මෙම තරගය ජයග්‍රාහණය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට හැකිවිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *