Latestදේශීය

කැළණි විශ්ව විද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන රැසක් වසා දමයි

නව Covid 19 අවදානම් තත්වය හමුවේ මෙරට අධ්‍යාපන ආයතන කිහිපයක් වසා දැමීමට මේ වන විට තීරණය වී තිබේ.

ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලය, යක්කල පිහිටි වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල තාක්ෂණ විද්‍යාලය හෙට (05) සිට පුරා සතියක් වසා දමන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම නේවාසිකාගාරවල සිටින සිසුන්ට හැකි ඉක්මණින් නේවාසිකාගාරවලින් පිටවන ලෙස ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

තව ද දිවයිනේ සියලුම පාසල් සඳහා දෙවනි වාර පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *