මෛත්‍රීපාල පාස්කු කොමිසම හමුවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) දින සාක්ෂි ලබා දීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් 22 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පාස්කු කොමිසමට පැමිණ ඇති අතර එම මහතා සාක්ෂි ලබා දීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි පළමු වතාව මෙය වේ.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (06) දිනයේ දී පාස්කු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
