MI යළිත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී – IPL
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටී.
ඊයේ (05) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 34කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ඒ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලබා ගත් ලකුණු 208ට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දීමට පැමිණි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 7ක් දවා ගනිමින් ලකුණු 174කට සීමා කිරීමෙනි.
එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ ඩුබායි හී දී පැවැත්විය.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ලකුණු 179ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක දී ලකුණු 181ක් ලබා ගනිමින් කඩුලු 10කින් තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (05) තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
