විදේශීය

ට්‍රම්ප් රෝහලෙන් යළි ධවල මන්දිරයට

Covid 19 වෛරස ආසාදිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පූර්ණ සුවය ලැබීමකින් තොරවම රෝහලෙන් පිට වී නැවත ධවල මන්දිරය වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසනීප තත්වය පිළිබඳව නොතැකූ ජනාධිපතිවරයා ධවල මන්දිරය ඉදිරියේ දී සිය මුඛ ආවරණය ඉවත්කර මාධ්‍ය හමුවේ පෙනීසිට ඇති අතර එහි දී තමන් සුවෙන් පසුවන බව පවසමින් ජනතාවගෙන් Covid වසංගතයට බිය නොවන ලෙස ඉල්ලා ඇත.

ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් බව විදෙස් මාධ්‍ය විවේඡනයට ලක්කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *