46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල කල් යන ලකුණු
මේ වන විට රටේ උද්ගත වී ඇති කොවිඩ් 19 තත්වය හේතුවෙන් 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වීමට තිබූ තරග සැලසුම් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්තෝම්බර් 10 සහ 11 දිනයන් හි දී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා සහ පිරිමි මැරතං, ඇවිදීම, පාපැදි තරග සහ ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන සියලු තරග දින නියමයකින් තොරව කල් දමා ඇත.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන පොර්තමේන්තුව එක්ව සංවිධානය කරන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
