RCB පරදා DC ජයගනී – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 19වන තරගය ඊයේ (06) දිනයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්විය.
එම තරගය ලකුණු 59කින් ජය ගැනීමට සමත් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටී.
කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම විසින් පන්දු රැකීම තෝරාගත් අතර පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 196ක් රැස්කර ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත හැකි වුයේ ලකුණු 137ක් පමණි.
එම තරගාවලියේ 20වන තරගය අද(06) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අබුඩාබි හි දී පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
