RR පරදා MI ජයගනී – IPL
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) පැවැති තරගය ලකුණු 57කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අන්ත පරාජයකට ලක් කරමිනි.
එම තරගයේ කාසිය වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 193ක් ලබා ගත්තේය.
විශිෂ්ට පිතිහරඹයක නියැලුණු සූර්යකුමාර් යාදව් පන්දු 47ක් තුළ දී ලකුණු 79ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 136ක් පමණි.
එම තරගය ජය ගැනීමත් සමඟ මුම්බායිි ඉන්දියන්ස් කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
