ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාටත් කොරෝනා
ඇමරිකානු ජනාධිපතිගේ සමීපතමයෙක් වන ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්ටීවන් මිලර් හට නව Covid 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
ඊයේ (06) දින සිදුකළ PCR පරීක්ෂාවේ දී මිලර්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර පසුගිය දින 5 පුරා දුරස්ථ බව ආරක්ෂා කර ගනිමින් හුදෙකලාව කටයුතු කළ බව ඔහු පවසා ඇත.

මේ වන විට ලෝකයේ Covid වසංගතය හේතුවෙන් වැඩි බලපෑමකට ලක්ව ඇත්තේ ඇමරිකාවයි.
ඒ් අනුව ඇමරිකාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 7,723,721 දෙනෙක් වන අතර වෛරසය හේතුවෙන් පුද්ගලයින් 215,836 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
