සමස්ථ ආසාදිතයින් 4,459 දක්වා ඉහළට
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වන කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,034 දක්වා ඉහළ ගොස් ඇති අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එම විදෙස්ගතව සිට මෙරටට පැමිණි 5 දෙනාගෙන් තිදෙනෙකු රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා ඉන්දියානු ජාතිකයින් බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,459 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් ආසාදිතයින් 3,274ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 1,172 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
