දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද වෙළදසැල් විවෘත කෙරේ

අද (09) දිනයේ උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පිහිටි ෆාමසි, සුපිරි වෙළදසැල්, ධීවර සංස්ථාව, සතොස, සමුපකාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් විවෘත කිරිමට අවසර ලබා දී ඇති බවත් නිවසින් පිටතට යාමට හැකි වන්නේ එක් අයෙකුට පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ  මිල දී ගැනීම සඳහා නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් වයෝවෘද පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසත් නිවසින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපදින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාහ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *