දිවුලපිටිය හා මිනුවන්ගොඩ Covid 19 පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක්
දිවුලපිටිය හා මිනුවන්ගොඩ Covid 19 පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ (08) දිනයේ දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුරෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19ක් වන අතර ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29කි.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකකයෙකු, ඔවුන්ගේ ආශ්‍රිතයින් 18 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු, කුවේට් සිට පැමිණි අයෙකු සහ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4488 ක් වන අතර ආසාදිතයින් 1197 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
