දේශීය

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී යළි අරඹයි

තාවකාලිකව වසා දැමුණු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු යළි ආරම්භ කර ඇත.

එම පොලිස් ස්ථානයේ ආපනශාලාව පවත්වාගෙන යන අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඊයේ ( 08 ) දිනයේදී එහි කටයුතු තාවකාලිකව අත්හිටුවිය.

මේ වන විට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සඳහා වෙනත් ස්ථානවලින් පොලිස් නිලධාරීන් 80 දෙනෙකු පමණ යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *