MI අභිබවා DC පෙරමුණ ගනී – IPL
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අභිබවා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මේ වන විට සමත් වී තිබේ.
ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (09) පැවැති තරගය ලකුණු 46කින් ජය ගැනීමත් සමඟය.
කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් රැස්කර ගැනීමට සමත් විය.
ලකුණු 185ක ඉලක්කය හඹා යෑමට අසාර්ථක වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් තුළ දී සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 138ක් පමණි.
ඒ අනුව ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
