පාකිස්ථානයේ Tik Tok තහනම් කරයි
දුරාචාර හා අශෝභන අන්තර්ගතයන් පෙරීමට අපොහොසත් වීම හේතුවෙන් Tik Tok යෙදුම පාකිස්ථානයේ තහනම් කිරීමට එරට විදුලි සංදේශ අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව Tik Tok හි දුරාචාර හා අශෝභන අන්තර්ගතයට එරෙහිව පාකිස්ථානයේ විවිධ ජන කොටස්වලින් කළ පැමිණිලි ගණනාවක් සලකා බැලීමෙන් එය තහනම් කිරීමට තීරණය කර ඇති අතර විදුලි සංදේශ අධිකාරිය විසින් Tik Tok යෙදුම අවහිර කිරීමට උපදෙස් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය Tik Tok යෙදුමට එරෙහිව පියවර ගෙන ඇති අතර එම රටවල් අතරට මේ වන විට පාකිස්ථානය ද එක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
