රුවන්පුර විද්‍යා පීඨය තාවකාලිකව වැසේ
සිසු – සිසුවියන් 100කට ආසන්න පිරිසක් උදාරාබාධයකින් පෙලීම හේතුවෙන් වැල්ලදුරේ පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨය අද (10) සිට තාවකාලිකව වසා දමා තිබේ.
අසනීප වූ සිසුන්ට ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් විසින් විද්‍යා පීඨය තුළදීම ප්‍රතිකාර ලබා දී ඇති අතර ආහාර විෂ වීමක් හේතුවෙන් එම සිසුන්ට උදරාබාධයක් හට ගන්නට ඇතැයි සැක පළ කෙරේ.
මේ වන විට රටේ පවතින කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ට රුවන්පුර නේවාසිකාගාරවලින් පිටවන ලෙස පාලනාධිකාරිය උපදෙස් ලබා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
