දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පැතිරී ගිය ප්‍රදේශ

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පළමු හා දෙවන ආශ්‍රිතයින් දක්වා ව්‍යාප්ත වූ අවස්ථා හඳුනාගත් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව ඊයේ (10) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් අතර මිනුවන්ගොඩින් 26 දෙනෙක්, ගම්පහ ප්‍රදේශයෙන් 23 දෙනෙක් සහ දිවුලපිටියෙන් 22 දෙනෙක් වශයෙන් හමු වූ බව හමුදාපතිවරයා පැවසීය.

එමෙන්ම පානදුරින් එක් ආසාදිතයෙක්, කොළඹින් දෙදෙනෙක්, පොළොන්නරුවෙන් දෙදෙනෙක් සහ මාතලෙන් එක් ආසාදිතයෙක් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවලින් එක් අයෙක් හෝ හමු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවේ දී කොවිඩ් වෛරසයේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් නිෂ්චිතව හඳුනාගැනීමට නොහැකි වුවත් එක් ආසාදිතයෙකු හරහා තවත් පුද්ගලයින් 522ක් වැනි පිරිසකට පැතිරිය හැකි බවත් වෛරසය සමාජගත වී ඇති බවට තවමත් නිෂ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *