දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,186ක් දක්වා ඉහළට

ගත වූ පැය 24 තුළ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 105 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම ආසාදිතයින් 105 දෙනා අතරින් 103 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් වන අතර එයින් ආසාදිතයන් 101 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් ලඟින් ඇසුරු කළ පුද්ගලයින් බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,628ක් වන අතර එයින් 3,306 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වවලින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තවත් ආසාදිතයින් 1,309 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එයින් 1,186 දෙනෙකු මිනුවන්ගොඩ කොව්ඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *