කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුවෙයි
උද්ගත වී ඇති කොවිඩ් 19 වෛරස් තත්වය හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට විධිවිධාන යොදා ඇති බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.
ඒ අනුව අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
