දේශීය

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ පියෙකුටත් කොරෝනා

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ පියෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව අදාළ සිසුවිය හා ඇය සමඟ නවාතැන්පළේ රැඳී සිටි තවත් සිසුවියක් මේ වන විට නිරෝධායනයට යොමුකර තිබේ.

අදාළ සිසුවිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යා පීඨ සිසුවියක් වන අතර ඇයගේ මව වෛරස ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී ඇත.

කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පුද්ගලයා කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයේ නියතු පුද්ගලයෙක් වන අතර සැප්තැම්බර් මස 27 වන දින විශ්වවිද්‍යාලයේ සිසුවිය බැලීමට ඇයගේ නවාතැන්පළට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *