දේශීය

රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම අධිකරණයෙන් ප්‍රතික්‍ෂේප කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම කොටුව මහේත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මහජන මුදල් අවභාවිතා කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) දිනයේ දී උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු දක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය ද අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අදාළ නඩුව ඔක්තෝම්බර් 27 වෙනිදා යළි කැදවීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *