දේශීය

ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11ක් අත්අඩංගුවට

පසුගිය ඉරිදා දින සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ අතර මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකුත් ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන අතර හෙට (15) දිනයේ එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *